Nursing Training School (NTS)

හෙද පුහුණු පාසල යනු හෙදියන් මූලික අවධියේ සිට වෘත්තීය මට්ටම දක්වා පුහුණු කරන ස්ථානයයි. සෑම හෙද පුහුණු පාසලක්ම සාමාන්‍ය / ශික්ෂණ රෝහලක් යටතේ ස්ථාපිත කර ඇති අතර එය, එම රෝහලේ අධ්‍යක්ෂවරයා යටතේ පාලනය වේ. මීට අමතරව, සෑම හෙද පුහුණු පාසලකටම පාසලේ විදුහල්පති ලෙස මේට්‍රන් කෙනෙක් සහ රෝහල්වල සේවය නොකරන විශේෂ හෙදියන්, ගුරුවරුන් ලෙස ඉගැන්වීමට ඇත. පුහුණු කාලය තුළ දීමනාවක්, වැටුපක් ලෙස ගෙවනු ලබන අතර නිල ඇඳුම් සඳහා දීමනාවක් ද රජය විසින් ගෙවනු ලැබේ. ශ්‍රී ලංකා රජය යටතේ හෙද ඩිප්ලෝමාව ලබා ගත හැකි එකම ස්ථානය වන්නේ මෙයයි

හෙද පුහුණු පාසල Nursing Training School

උසස් පෙළ විෂය ධාරාව: ජීව විද්‍යා අංශය
ගණිත අංශය
කෘෂි විද්‍යා අංශය
ඇතුලත් වීමේ සුදුසුකම්: අවම වශයෙන් S 3ක් (උ/පෙ)
ගණිතය හා ඉංග්‍රීසි - B (සා/පෙ)
අධ්‍යයන කාලය: අවුරුදු 3.
පාඨමාලාව අවසානයේ ලැබෙන සුදුසුකම්: හෙද සේවයේ ඩිප්ලෝමාව.
විෂයයන්: Fundamentals of the Nursing Anatomy
Phycology
Sociology
Pharmacology
Medical Nursing
Surgical Nursing
Pediatric Nursing
Gynecology Nursing
Obstetric Nursing
පාඨමාලාව පූර්ණ කාලීන ද අර්ධ කාලීන යන්න: පූර්ණ කාලීන.
ඇතුල්වීමට පෙර යෝග්‍යතා පරීක්ෂණයක් තිබේද යන්න: ඇතුල්වීමට පෙර යෝග්‍යතා පරීක්ෂණයක් නැත.
හෙද පුහුණු පාසල ඇති ස්ථාන: රත්නපුර බදුල්ල
කොළඹ
කඳාන
යාපනය
මහනුවර
අනුරාධපුර
අනුරාධපුර හමුදා
මඩකලපුව
ගාල්ල
කළුතර
කුරුණෑගල
හම්බන්තොට
මුල්ලේරියාව
වැඩිදුර විමසීම්: කොළඹ හෙද විදුහල 0112694177

මෙම ඩිප්ලෝමාව අවසන් කරන ලද ඕනෑම අයෙකුට හෙද උපාධිය සඳහා අයදුම් කළ හැකිය. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University) සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ආයතනය (International Institute of Health Service - IIHS) උපාධිය ලබා දෙන ප්‍රධාන ආයතන දෙකක් වන අතර මේ අතරින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් ලබා දෙන උපාධිය ශ්‍රී ලංකාව තුල පමණක් පිළිගැනෙන අතර IIHS මගින් ලබා දෙන උපාධිය මුළු ලෝකයේම පිළිගනු ලැබේ.