ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය
Sri Lanka Institute of Tourism &Hotel Management

“ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය”, සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු අමාත්යංශය විසින් කළමනාකරණය කරන, රජයේ එකම අනුමත හා ප්රමුඛතම ආයතනයයි. වෘත්තීය පුහුණුව ලබා දීම සිදුකරනුයේ ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ හොඳම පුහුණුව ලැබූ කළමනාකරණ වෘත්තීකයින් විසිනි. එමෙන්ම වැඩසටහන තුළ බොහෝ අංශ හඳුන්වා දී තිබීම නිසා සිසුන්ට තමන්ට රිසි අංශයක් තෝරාගෙන පුහුණුව ලබා ගැනීමට හැකියාව ඇත.


මෙහිදී සිසුන්ට උසස් වටිනාකමක් ලබාදෙන අධ්යාපන වැඩසටහන් ලබා දෙන අතර, සංචාරක කර්මාන්තයේ ජාතික හා ජාත්යන්තර ප්රමිතීන් සපුරාලීමට අවශ්ය පුහුණුව සහ දැනීම එක සමානව සිසුන්ට ලැබේ. වෘත්තීමය අචාර ධර්ම හා ශික්ෂාවන්හි ඉහළම ප්රමිතීන් අනුගමනය කිරීමට සිසුන් පුහුණු කරනු ලැබේ.


වර්තමානයේ වේගයෙන් දියුණු වන සංචාරක කර්මාන්තයට අවශ්ය ශ්රම බලකාය පුහුණු කිරීම ආයතනය මගින් සිදු වේ. එමෙන්ම ලාංකේය ආගන්තුක සත්කාරය ගෝලීය ලෝකය වෙත ගෙන යයි. ලංකාවේ විවිධ ප්රදේශවල ජීවත්වන තරුණ තරුණියන්ට ගුණාත්මක වෘත්තිකයන් වීම සඳහා ම් පුහුණුවක් ලබාගැනීමට මෙය වටිනා ආයතනයකි.


ප්රාදේශික මධ්යස්ථාන පිහිටි ප්රදේශ

* අනුරාධපුර
* බණ්ඩාරවෙල
* පල්ලෙකැලේ
* කොග්ගල
* රත්නපුර
* කුරුණෑගල
පාඨමාලාව කාලසිමාව සුදුසුකම් වෙනත්
Chauffeur Tourist Guide Training Programme සංචාරක රියදුරු මාර්ගෝපදේශක පාඨමාලාව මාස 3යි
• ශ්‍රී ලාංකික විය යුතුය
• වයස අවුරුදු 21ත් 60ත් අතර විය යුතුය
• ඉංග්‍රීසි භාෂාව ඇතුලුව අ.පො.ස.සා.පෙළ විෂයන් 6ක් දෙවතාවකට නොවැඩි වාර ගණනකදි සමත් විය යුතුය
• වලංගු රියදුරු බල පත්‍රයක් තිබිය යුතුය
* අයදුම්කරුවන් සම්මුඛ සකච්චාවකින් සහ විභාගයකින් තොරා ගනු ලැබේ
Craft level courses ශිල්පීය පාඨමාලා
1. Cookery සූපවේදය.
2. Restaurant and Bar Service ආපන ශාලා සහ බීමහල් සේවා
3. Hotel Housekeeping හෝටල් ගෘහ පාලනය
4. හෝටල්
5. Hotel Reception පිලිගැනීමේ සේවා
සති 11
• වයස අවුරුදු 17ට වැඩි විය යුතුය
• අ.පො.ස.සා.පෙළ දක්වා ඉගෙන ගෙන තිබිය යුතුය
* පාඨමාලාවේ කාල සීමාව අවසානයේ මෙම පාඨමාලාවට අදාළව සලකා බැලෙන සියළු විෂයයන් සඳහා ලිඛිත හා ප්රායෝගික පරීක්ෂණයක් ඉංග්රීසි භාෂාවෙන් පවත්වනු ලැබේ.

* පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට සහ සත්කාරක කර්මාන්ත ක්ෂේත්රයේ එක් වසරක පළපුරුද්ද ලබාගැනීමට සමත් වන සිසුන් හෝටල් සහ ආහාර පාන සැකසීමේ ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත්ර පාඨමාලාවට අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලබයි.
Diploma In Hotel & Catering Operations සිව් අවුරුදු හෝටල් සහ ආහාර පාන කළමනාකරණ ඩිප්ලෝමාව

• Professional cookery වෘත්තීමය සුප ශාස්ත්රය
• Food & Beverage Operations ආහාර පාන කළමණාකරණය
• Hotel Housekeeping හෝටල් ගෘහපාලනය
• Hotel Reception අමුත්තන් පිළිගැනීමේ කළමනාකරණය
අවු.4කි
සහතික පත්ර මට්ටමට ඇතුලත්වීම සඳහා
1. සහතික පත්ර මට්ටමට ඇතුලත් වන්නේ නම්;
• ශිල්පීය මට්ටම හදාරා අවසන් කිරීම සහ කර්මාන්තයේ එක් (01) වසරක අත්දැකීම් ලබාගැනීම තුළින් ඔබ සහතික පත්ර මට්ටමට ඇතුලත්වීමට සුදුසුකම් ලබයි හෝ
• අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් සම්මාන තුනක් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය සහ ඉංග්රීසි භාෂාව ද ඇතුලත්ව විෂයයන් 6කින් සමත්වීම.
2. කර්මාන්තයෙන් සෘජු අයදුම්කරුවන්
• කර්මාන්තයෙන් සෘජු අයදුම්කරුවන්; නිසි වයස් මට්ටමේ පසුවීම සහ
• ඔහු/ඇය අයදුම්කරන ප්රදේශයේ වසර දෙකක අත්දැකීම් ලබා තිබීම අයදුම් කිරීමේ සුදුසුකම් සපුරාලීම සඳහා අවශ්ය වේ.
අන්තර්මාධ්ය මට්ටමට ඇතුලත් වීම සඳහා
• අදාල වෘත්තීය පුහුණුව සමගින් තම අභිමතය අනුව තෝරාගන්නා විෂයයන් 2ක් (හෝ විෂයයන් 4ක්) යටතේ සහතික පත්ර මට්ටමේ පාඨමාලා සමත්වීම. හෝ
• අ.පො.ස.(සැ/පෙළ) අධ්යාපන සුදුසුකම් සහිතව කර්මාන්තයේ කළමනාකරණ/ අධීක්ෂණ මට්ටමේ තනතුරක වසර 05කට වැඩි පළපුරුද්ද.
* Certificate level(සහතික පත්ර මට්ටම Intermediate level (අන්තර් මාධ්ය මට්ටම) Advanced level(උසස් මට්ටම ලෙස ආකාර 3කි.
* ඩිප්ලෝමා සහතිකය ලබාගැනීම සඳහා ඕනෑම අයෙකුට සිය කැමැත්ත අනුව විශේෂඥතාවය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්රයේ අන්තර් මාධ්ය සහ උසස් මට්ටමේ මොඩියුල ද සමගින්, සහතික පත්ර මට්ටමේ මොඩියුල හතරම ප්රායෝගික ක්රියාකාරකම් ද සහිතව සාර්ථකව සම්පූර්ණ කළයුතු වේ.
National deploma in hospitality management සත්කාරක කළමනාකරණ ක්ෂේත්රයේ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව
අවු.3කි
• එකවර අ.පො.ස.උ.පෙළ වැඩ තුනක් සහිතව සමත් විය යුතුය.
• අ.පො.ස.සා.පෙළ විභාගයෙදි ඉංග්‍රීසි සදහා C/ අ.පො.ස.උ.පෙළ සදහා B තිබිය යුතුය.
• වයස අවු 18-24 ත් අතර විය යුතුය.
* පාඨමාලාව අධ්යයන වාර 06ක් පුරා දිවෙන වසර 03ක පාඨමාලාවකි.
* සත්කාරක සේවා හා හෝටල් කළමනාකරණ යන අංශ දෙකම ආවරණය කෙරෙන මෙම ඩිප්ලෝමා පාඨමාලාව තුළින් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් හෝටල් කර්මාන්තයේ රැකියා ලබාගැනීම අවස්ථාව ලැබේ.
National tourist guide training programme ජාතික සංචාරක මාර්ගෝපදේශ පුහුණු වැඩසටහන
මාස 4කි
1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
2. ඇතුලත් වීමේ අවම සුදුසුකම්: අ.පො.ස. (සා/පෙළ) විෂයයන් 6ක් සමත්වීම (ඔබ ඉංග්රීසි භාෂාවෙන් මගපෙන්වීම් සේවාව ලබාදීමට අදහස් කරන්නේ නම් ඉංග්රීසි භාෂාවට අවම වශයෙන් සාමාන්ය සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය වේ.
3. වයස: අයදුම්කරු අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතුය.
* අයදුම්කරුවන් සම්මුඛ සකච්චාවකින් සහ විභාගයකින් තොරා ගනු ලැබේ.
Pastry & Bakery පේස්ට්රි සහ බේකරි මාස 3 ක මූලික පාඨ මාලාව කි.
• අ.පො.ස.(සා/පෙළ) දක්වා අධ්යාපනය හදාරා තිබීම.
• වයස අවුරුදු 18-25ත් අතර වීම.
* නවකයින්ට කර්මාන්තයේ නියැලීමට අවශ්ය නිපුණතාවන් වර්ධනය වන අන්දමේ පුහුණුවක් ලබාදී, සත්කාරක කර්මාන්තයේ ප්රාථමික මට්ටමේ රැකියා ලබාගැනීම සඳහා. අවස්ථාව ලැබේ.
වැඩිදුර තොරතුරු සදහා
වෙබ් අඩවිය slithm.edu.lk
දුරකථන අංකය 0112 382201
විද්යුත් තැපැල් ලිපිනය registrar.slithm@gmail.com
registrar@slithm.edu.lk