Institute of technology University of Moratuwa

(ITUM) මොරටුව විශ්වවීද්‍යාලයේ තාකෂණීය ආයතනය

අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්යවරයා විසින් 2000 මාර්තු 10 වන දින මූලික වශයෙන් මොරටුවා විශ්ව විද්යාලයේ තාක්ෂණ ආයතනය ආරම්භ කරන ලදී, එය හෝමාගම දියගම ප්‍රදේශයේ පිහිටුවා ඇත.


National Diploma in Technology (ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව)

* ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ මූලික අරමුණ වනුයේ අපේ රටේ කර්මාන්තයට අවශ්ය මධ්යම මට්ටමේ වෘත්තිකයන් විවිධ ඉංජිනේරු තාක්ෂණ විෂයයන් යටතේ බිහි කිරීමයි.
* වසර 3ක පූර්ණ කාලීන පාඨමාලවක්, වසර 2ක අධ්‍යයන කාලයක් හා වසරක ප්‍රායෝගික යන්ත්‍රාගාර පුහුණුවකින් ද සමන්විත වේ.
* පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයන් පමණක් පැවැත්වේ
* මම පාඨමාලාවේ දී පහත සඳහන් විෂය ක්ෂේත්‍රයන් හැදෑරීනට අවස්ථාව ලැබේ.

ක්ෂේත්‍ර


* නාවුක අධ්‍යයන ක්ෂේත්‍ර කාණ්ඩය (Maritime Studies Courses)

1. නාවුක ඉංජිනේරු තාක්ෂණය (Marine Engineering Technology.)
2. නෞකා චලන අධ්‍යයන හා තාක්ෂණය ( Nautical Studies and Technology)

* රසායන ඉංජිනේරු තාක්ෂණය ( Chemical Engineering Technology)

* සිවිල් ඉංජිනේරු තාක්ෂණය (Civil Engineering Technology)

* විදුලි ඉංජිනේරු තාක්ෂණය (Electrical Engineering Technology)

* ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය (Electronics and Telecommunication Engineering Technology)

* තොරතුරු තාක්ෂණය (Information Technology)

* යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය (Mechanical Engineering Technology)

* පොලිමර් තාක්ෂණය ( Polymer Technology )

* පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය (Textile and Clothing Technology)

අධ්‍යාපනික සුදුසුකම්

* අ.පො.ස. (උ.පෙළ) විභාගයදී එකවර පහත සඳහන් විෂයයන්ගෙන් 03 ක් සමත් විය යුතුය.

I. භෞතික විද්‍යාව
II.රසායන විද්‍යාව
III.සංයුක්ත ගණිතය
IV.උසස් ගණිතය

*නෞකා චලන අධ්‍යයන තාක්ෂණය හා නාවුක ඉංජිනේරු තාක්ෂණය යන පාඨමාලාවන් සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන් හට අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ඉංග්‍රීසී විෂය සඳහා සම්මාන (C) සාමාර්ථයක් තිබීම අනිවාර්යය වේ.

යෝග්‍යතා පරීක්ෂණය හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීනතා පරීක්ෂණය


*අ.පො.ස උසස් පෙල විභාග ප්‍රතිපල මත සිසුන් පෙලගස්වන අතර තේරිපත්වූවන් සදහා යෝග්‍යතා පරීක්ෂණය හා ඉංග්‍රිසි භාශා ප්‍රවීනතා පරීක්ශණ සඳහා පරීක්ශණ සඳහා කැඳවනු ලැබේ.
*යෝග්‍යතා පරික්ෂණය සමත් වූ ශිෂ්‍යයන් අතුරින් අ.පො.ස. (උ.පෙළ) විභාග ලකුණුවල කුසලතාවය මත (Zලකුණු මත) සිසුන් තෝරාගනු ලැබේ. 40% ක් අ.පො.ස. (උ.පෙළ) විභාගයේ කුසලතාවය මත හා 60% ක් දිස්ත්‍රික් පදනම මත ශිෂ්‍යයන් තෝරාගැනීම සිදුවේ.

විශේෂ තොරතුරු


* මේ සදහා ඉල්ලුම් කිරීමට ගැසට් පත්‍රයක් නිකුත් කරන අතර ඒ කාල වකවානුව තුල සිසුන් ඉල්ලුම් කල යුතුය. අභියෝග්‍යතා පරීක්ෂණයේ පසුගිය වසරවල්වල ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයෙන් හා සමාජ මාධ්‍යවලින් සොයාගත හැක.
* NDT වලින් පසුව IESL ඉන්ජිනේරු පාඨමාලා හැදෑරීමෙන් BSc Engineering Degree ලබාගත හැක.
*ජාතික තාක්ෂණීක ඩිලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ලියාපදිංචි වන කිසිම අපේක්ෂකයකු, එම පාඨම්ලාට කාලසීමාව තුලදී මෙම විශ්වවිද්‍යාලයේ වෙනත් පාඨමාලාවක් හෝ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අන් කිසිම විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් (විවෘත විශ්වවිද්‍යාලය හැර) හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හැදෑරීමට සුදුසුකම් නොලබයි.
*විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව යටතේ ඇති කිසිම විශ්වවිද්‍යාලයක (විවෘත විශ්වවිද්‍යාලය හැර) හෝර උසස් අධ්‍යාපන ආයතනයක පුරණකාලීනව ලියාපදිංචි වී ඇති සිසුන් ජාතික තාකෂණික ඩිප්ලෝමා සායමාලාවේ සදහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබයි.
*අයදුම්පත්‍රයේ සදහන් සියලු අනාරතුරු සත්‍ය හා නිවැරදි විය යුතු අතර යම් ලෙසකින් තොරතුරු අසන්‍ය බව හෙලිවුවහොත් ඒ සම්බන්ධ ව ආයතනය විසින් ගත්තා ඕනැම තිරණයකට අයදුම්කරු එකඟ විය යුතුය.

වැඩිදුර විස්තර සඳහා -


ලිපිනය :
තාක්ෂණ ආයතනය,
මොරටුව විශ්ව විද්‍යාලය,
හෝමාගම,
දියගම.
TEL: 011-212-4000
FAX: 011-212-4018

Institute of Technology IOT University of Moratuwa website- http://www.mrt.ac.lk/itum/